දැක්ම

"යුනෙස්කෝ හි සමස්ත දර්ශනයට දායක වෙමින් අධ්‍යාපනය, විද්‍යාත්මක, සංස්කෘතික, සන්නිවේදන හා පාරිසරික විෂයයන් හරහා සාමය හා තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම."

මෙහෙවර

"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය විසින් ජාති, ලිංග, භාෂා හෝ ආගම් භේදයකින් තොරව ලොව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සහතික කෙරෙන යුක්තිය, නීතිය, පාලනය, මානව හිමිකම් හා මූලික නිදහස වෙනුවෙන් ගෝලීය ගෞරවය / අභිමානය තවදුරටත් වර්ධනය කරනු පිණිස අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, සන්නිවේදනය හා පාරිසරික විෂයයන් හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම."