ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන්
- දේශීය සංවර්ධන දැක්ම යුනෙස්කෝ නිර්ණායක සමඟ පෙළ ගැස්වීමෙන් ජාතික තිරසාර සංවර්ධනය අත් කර ගැනීම සඳහා අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව සහ පරිසරය යන ක්ෂේත්රවලට අදාල සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස එක් එක් අමාත්‍යාංශය සමඟ සහයෝගිතාවෙන් හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
- සාමය සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන යුනෙස්කෝව සමඟ කටයුතු කරන අනෙකුත් ආයතන සමඟ අත්වැල් බැඳ ගනී.
- නව සංකල්ප දියත් කිරීමට ප්‍රථමයෙන් දේශීය පාසල් පද්ධතිය තුළ එබඳු සංකල්ප කොතෙක් දුරට සාර්ථකද යන්න පරීක්ෂා කර බැලීම වෙනුවෙන් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- දේශීය සංවර්ධනය තුළ දේශීය උරුමයන්ට හා නවතාවන්ට ජාත්‍යන්තර කීර්තිය ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම.
- යුනෙස්කෝව හා සබැඳි ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ජාතික සහ ජාත්‍යන්තර සම්මන්ත්රණ හා පුහුණු වැඩමුළු මෙහෙයවීමට ක්‍රියා කිරීම.
- අපගේ රටට ගැලපෙන යුනෙස්කෝ ගෝලීය සංකල්ප හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට කටයුතු කිරීම.
යුනෙස්කෝවේ ප්‍රමුඛතා
- සැමට ගුණාත්මක අධ්‍යාපනය තුළින් දැනුම සහ ගුණදම් ඉවැඩි කිරීම.
- කලාවන් හා සංස්කෘතිය පෝෂණය කිරීම
- තිරසාර සාමය සහ සමාජ ඒකාබද්ධතාව
- කාර්මික සහ කෘෂිකාර්මික සංවර්ධනය
- පාරිසරික තිරසාරබව
- ක්‍රීඩාව තුළින් යෝග්‍යතාව සහතික කිරීම
- සන්නිවේදනය සහ තොරතුරු බෙදා හැරීම ශක්තිමත් කිරීම
යුනෙස්කෝවේ ප්‍රධාන ක්‍රියාකාරකම්
අධ්‍යාපනය
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
විද්‍යාව
- විද්‍යා, පරිසර සහ තිරසාර සංවර්ධනය (SED)
- තිරසාර සංවර්ධනය වෙනුවෙන් පරිසර සහ පෘථිවි විද්‍යා
- ජාත්‍යන්තර සාගර විද්‍යාත්මක කොමිෂන් සභාව (IOC)
- මිනිසා සහ ජෛවගෝලය වැඩසටහන (MAB)
- ජාත්‍යන්තර ජල විද්‍යාත්මක වැඩසටහන (IHP)
- අවදානම් කළමනාකරණය හා බලපෑම් අවම කිරීම
සමාජ විද්‍යා
- සාමය සහ සහජීවනය
- විද්‍යාව සහ දර්ශනය වෙනුවෙන් ආචාර ධර්ම
- මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය
- දරිද්‍රතාව තුරන් කිරීම
- සමාජ පරිණාමය කළමනාකරණය
සංස්කෘතිය
- ලොව පුරා සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම හා සුරැකීම
- ස්පර්ශ කළ නොහැකි ආකාරයේ උරුමය හඳුනාගැනීම සහ සුරැකීම
- සංස්කෘතික දේපල ආරක්ෂා කිරීම
- අන්තර් සංස්කෘතික සංවාදය ප්‍රවර්ධනය කිරීම
- සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය
සන්නිවේදනය සහ තොරතුරු
- ප්රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීම
- තොරතුරු හා දැනුම කරා සර්වසාධාරණ ප්‍රවේශය වෙනුවෙන් හැකියා වර්ධනය කිරීම
- ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන හරහා ප්‍රජා හැකියා වර්ධනය කිරීම
- මාධ්‍ය සංවර්ධනය පෝෂණය කිරීම
- සැමට තොරතුරු වැඩසටහන
- තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහ අදහස් නිදහසේ ගලා යාම ප්‍රවර්ධනය කිරීම.