තිරසාර අනාගතයක් උදෙසා යුනෙස්කෝව විවිධ විද්‍යාවන් ප්‍රවර්ධනය කරයි. මෙම අරමුණ ඉටු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පරිසර හා ස්වාභාවික සම්පත්, තාක්ෂණ හා පර්යේෂණ සහ සමාජ සේවා අමාත්‍යාංශ සමඟ සමීපව කටයුතු කරයි. තාක්ෂණික සහාය ලබා දීම මගින් රසායන විද්‍යාව සහ නැනෝ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධාරණය සහිතව බලශක්ති අර්බුදය වෙනුවෙන් විකල්ප බලශක්ති වැඩසටන්, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, ද්විතීයික පාසල් තුළ විද්‍යාවේ සංවර්ධනය වැනි රජයේ මුලපිරීම් වෙනුවෙන් අපි ජාත්‍යන්තර සම්බන්ධීකරණය ලබා දෙන්නෙමු. එයට අමතරව, ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව සමාජ පරිවර්තනය කළමනාකරණය (MOST) වෙනුවෙන් ප්‍රතිපත්ති, පර්යේෂණ හා ක්‍රියාත්මක කිරීම අතර සම්බන්ධතා ඉවැඩි කරයි. මිනිසා සහ ජෛව ගෝලය, ජාත්‍යන්තර සාගර විද්‍යාත්මක කොමිෂන් සභාව, ජෛව ආචාර ධර්ම, ජලවිද්‍යාව පිළිබඳ ජාතික කමිටු ශක්තිමත් කිරීම මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම් වේ. දේශගුණික විපර්යාස සහ ආපදා අවදානම අඩු කිරීම කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරන අතර කියවීම සඳහා විවිධ ලියවිලි සකස් කිරීම හා සම්මන්ත්‍රණ හා වැඩ මුළු මෙහෙයවීම මගින් දැනුවත් බව ඇති කිරීමට දායක වන්නෙමු. තෝරාගත් පාසල් සමඟ අප සහභාගි වූ ආසියානු RICE ව්‍යාපෘතිය දේශගුණක විපර්යාස සහ ඒ හා සටන් කළ හැකි ආකාර පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දෙයි.