අඩි 600 උස කන්දක් වටා ගොඩ නගා ඇති සීගිරිය සංකීර්ණය ක්‍රි.ව. 5 වැනි සියවසේදී රටේ අගනුවර ලෙස ක්‍රියාත්මක විය. එය ක්‍රි.ව. 5 වැනි සියවසේදී රජ කළ කාශ්‍යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාළිගය විය. මාළිගය පර්වතය මුදුණේ ඉදිව තිබූ අතර එයට පහළින් ඊජිප්තුවේ හා පර්සියාවෙ ජල උද්‍යාන සිහි ගන්වන, ඉතාමත් තියුණු ජ්‍යාමිතික සමමිතික බව අතින් ලොව එවන් අනෙකුත් ජල උද්‍යාන වලට නොදෙවනි ජල උද්‍යාන විසිරී තිබිණි.
ඈත පෙරදිග රටවල පිහිටි පර්වත උද්‍යාන හා සමාන පර්වත උද්‍යාන ඒවා ඉදි කළ ශිල්පීන්ගේ කෞශල්‍යය පිළිබඳව මවිතය දනවයි. පෙරදිග චිත්‍ර කලාවේ ප්‍රතිමූර්තියක් වැනි සීගිරි බිතු සිතුවම්ද ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගීද සීගිරිය ලෝක පූජිත තත්ත්වයට පත් කර ඇත. මෙය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.