kandyමහනුවර, බ්‍රිතාන්‍යයන් මෙරට යටත් කර ගැනීමට පෙර පැවති අවසන් අගනුවර විය.මෙම පුරවරය ශ්‍රී ලාංකික සංස්කෘතිය විවිධ ආකාරයෙන් පෝෂණය කර ඇත. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වසන දළදා මාළිගාව බෞද්ධයන්ගේ වඩාත්ම පූජනීය ස්ථාන අතරින් එකකි. රජුගේ මාළිගාව, පැරණි නගරය මෙන්ම වෙනත් බොහෝ ඉදිකළ මන්දිර සහිත පුරාවිද්‍යාත්මක සංකීර්ණයක් ඒ වටා විහිදෙයි. අනෙක් නගරවල මෙන් නොව විශිෂ්ට ඉදිකිරීම් විනාශයට පත් නොවී පවතින මහනුවර ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ ගාම්භීර පිළිබිඹුවක් ලෙස පවතී. ලී කැටයම් සහ බිතු සිතුවම් වලින් ගොඩනැගිලි ගණනාවක් අලංකෘතව ඇති අතර මඟුල් මඩුව සහ දළදා මාළිගාව එයට කැපී පෙනෙන උදාහරණ වේ. යුනෙස්කෝව 1988 දී මහනුවර නගරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.