Galle Fortගාලු නගරය හා එහි කොටු පවුර යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්ව ඇත. කොටුව යුරෝපීය සම්ප්‍රදායට අයත් වන අතර පෘතුගීසි හා ලන්දේසි යුග වලදී ඉදි කරන ලද්දක් වේ. එය ඇතුළත පිහිටි නගරය හා ගෘහ නිර්මාණශිල්පීය නටබුන් විශිෂ්ට නිර්මාන ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුග වල අංග ගාලු කොටුව තුළ දක්නට ඇත. 1988 වර්ෂයේදී යුනෙස්කෝව මෙම ස්ථානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

 ‍ෙළුතිහාසික නගර මධ්‍යස්ථානයක් ලෙස ද පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශයක් ලෙසද ගාලු කොටුව සහ එහි ‍‍ෙළුතිහාසික පශ්චාත් භුමිය ප්‍රවර්ධනය කිරිම, සංරක්ෂණය කිරිම, ආරක්ෂා කිරිම හා සංවර්ධනය කිරිම ගාලු උරුමය පදනම වෙත භාර වී ඇත.