අධ්‍යාපන අංශය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා මෙන්ම වෘත්තීය පුහුණුවටද මෙය අදාල වේ. මෙරට ගෝලීය දැනුම කේන්ද්‍රයක් බවට පත් වීම අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව හරහා යුනෙස්කෝ සංවිධානය අධ්‍යාපන අංශය වෙනුවෙන් නිර්වචන, ප්‍රමිති හා සම්මතයන් ලබා දෙයි. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීම පිණිස දැනුවත්ව තීරණ ගැනීමේ හැකියාව ලබා දෙමින් අධ්‍යාපන පිළිබඳ සංසන්දනාත්මක ගෝලීය හා කලාපීය දත්ත හා සංඛ්‍යා ලේඛන ද සපයයි.

“සැමට අධ්‍යාපනය” පිළිබඳ ගෝලීය නිරීක්ෂණ වාර්තාව අදාල පාර්ශ්ව කරුවන් හා සහයෝගිත්වයෙන් සෑම වසරකම ජාතික වශයෙන් දියත් කෙරේ. ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් දකුණු ආසියානු මධ්‍යස්ථානය යුනෙස්කෝ 2 කාණ්ඩයේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ මීපේ හි පිහිටුවීම අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා රජයේ මුල පිරීමට ශක්තිමත් දායකත්වයක් සපයයි. තොරතුරු හා සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම, අන්තර්කරණ අධ්‍යාපනය සහ සමාජ ඒකාබද්ධතාව වැඩි කිරීම, සාමය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම මුල් ළමා විය ආරක්ෂණය හා අධ්‍යාපනය වැඩි කිරීම වැනි මානව සම්පත් සංවර්ධනය පිළිබඳ රජයේ අනෙකුත් මුලපිරීම් වලට යුනෙස්කෝ අඛණ්ඩව සහාය ලබා දීම සිදු කරයි. එයට අමතරව, සන්ධාන භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීමටද ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ පූර්ණ සහයෝගය ලබා දීම සිදු වේ. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සේවා ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා එම අංශ වල සුදුසු සේවක පිරිස් වලට ධාරිතා වර්ධන සහ මානව සම්පත් සංවර්ධන අවස්ථා සපයනු ලැබේ. අධ්‍යාපනයේ ගුණාත්මක බව සංවර්ධනය කිරීම පිණිස විශේෂඥ සහාය සහ තාක්ෂණික සහයෝගිතාව වෙනුවෙන් ඉල්ලීම් සිදු කෙරෙන පරිදි හා සිදු කෙරෙන අවස්ථාවල එබඳු සහාය සැපයීම සිදු වේ.