ශ්‍රී පාද කඳු වැටිය
ශ්‍රී පාද කඳුවැටිය මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති අතර ඉහළ ජෛව විවිධත්වයක් හා ඒකදේශික ශාඛ සහ සතුන් එය සතුය. මෙම සුවිශේෂි වටිනාකම් සැලකිල්ලට ගනිමින් යුනෙස්කෝව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සුවිශේෂී ස්වාභාවික උරුමයක් ලෙස පමණක් නොව මිථ්‍යා කථා, විශ්වාසයන්, පිළිවෙත් හා වන්දනා ගමන හා බැඳුනු සංස්කෘතික වටිනාකම්ද එය සතුව ඇත. එය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් ආගමික වන්දනා ගමන් මාර්ග අතරින් එකකි. බෞද්ධයන්ට ශ්‍රී පාදය (ශුද්ධ වූ පා සළකුණ) යනු බුදුන් වහන්සේ උන්වහන්සේගේ අවසන් පා සළකුණ පිහිටවූ ශිඛරය වන අතර දැන් එම ස්ථානයේ විහාරයක් පිහිටුවා ඇත. වන්දනා සමය උඳුවප් පුර පෝය දිනයෙන් ආරම්භ වී වෙසක් පොහෝ දිනයෙන් අවසන් වේ. සීත ගඟුල, ඉඳකටුපාන, මහගිරිදඹ සහ ලිහිණිපොළ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙද්දී යා යුතු ස්ථාන වේ.
නකල්ස් කඳු වැටිය
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වඩාත්ම වැදගත් ප්‍රදේශ තුන, එනම් ශ්‍රී පාදය, නක්ල්ස් කඳුවැටිය හා හෝර්ටන් තැන්න, සලකා බැලූ යුනෙස්කෝව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. ඉහළ ජෛව විවිධත්වයක් හා ඒකදේශික ශාඛ සහ සතුන් සහිත මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු වැටියද පිහිටා තිබේ.
හෝටන් තැන්න
හෙක්ටෙයාර 3,159.8 ක වපසරියකින් යුතු හෝටන් තැන්න මධ්‍යම කඳුකර ලෝක උරුමය තුළ පිහිටා ඇත. කඳුකර වනාන්තරයක් හා විවෘත තණ බිම් එහි වේ. තැනින් තැන පිහිටි කුඩයක හැඩය ගත් කඳුකර වනාන්තර තැන්න අලංකාරවත් කරයි. තැන්න සතු වැදගත්ම වටිනාකම් වන්නේ ඒක දේශික ශාක හා සතුන් හා ඉහළ ජෛව විවිධත්වයයි. මෙය 2010 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.