ශ්‍රී ලංකාව දේශීය දැනුම ඇතුළුව සංස්කෘතිය සහ උරුමය අතින් ඉතා පොහොසත් රටකි. සංස්කෘතික හා ස්වාභාවික උරුමය යන දෙආකාරයෙන්ම අප පොහොසත්ය. එබැවින්, අපගේ සංස්කෘතිය හා උරුමය සුරැකීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික කොමිෂන් සභාව අදාල ආයතන සමඟ සම්බන්ධීකරණය සිදු කරයි. අපගේ යුනෙස්කෝ ලෝක උරුමයන්වල තත්ත්වය පිළිබඳව සමීප ලෙස පසු විපරම් කරන අපි මෙම දේපල ආරක්ෂා කිරීමේදී හා නඩත්තු කිරීමේදී පෞද්ගලික අංශයේ හා පොදු ජනතා‍වගේ සහභාගිත්වය ලබා ගැනීමට අදාල අමාත්‍යාංශ දිරි ගන්වන්නෙමු.

අපගේ සංස්කෘතියට සුවිශේෂී වූ අංග ලොවට හඳුන්වාදීමට උත්සාහ දරන අතරම අපගේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වටිනාකම පිළිබඳව ජනතා අවබෝධය වැඩි කිරීමට මෙම කොමිෂන් සභාව විවිධ ජාත්‍යන්තර හවුල්කරුවන් හා සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි. දේශීය සහ විදේශීය පුහුණුව තුළින් තම සංවර්ධනය ඇති කර ගැනීමට මෙම ක්ෂේත්‍රයෙහි සේවයෙහි නියුතු විවිධ පිරිස් වලට අපි අවස්ථාවද සපයන්නෙමු.